තවත් පහන් සිලක් නිවී ගියා.........
අපේ සාහිත්‍යට අමිල මෙහෙවරක් කල කේ.ජයතිලක මහතා පසුගිය 14
වෙනිදා අප අතරින් වෙන් විය.ඒ කොළඹ පුද්ගලික රෝහලකදීය.1926 ජුනි මස 27 වෙනි
දින ගම්පහ කන්නිමහරදී උපත ලද එතුමා මිය යන විට 85 වන වියේ පසු විය.රදාවාන
පිරිමි පාඨශාලාවෙන් මුලික අධ්‍යාපනය ලද ඒ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්
උසස් අධ්‍යාපනය හැදෑරීය.නවකතා,කෙටිකතා මෙන්ම කාව්‍ය තුලින්ද අපේ සාහිත්‍ය
කෙත පෝෂණය කල එතුමා ''පුනුරුප්පත්තිය'' කෙටි කතා ග්‍රන්ථයෙන් රචනයට පිවිසි
බව කියවේ.සම්මාන ගැන තැකීමක් නොකලද රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතකින් මෙන්ම
සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානයෙන්ද එතුමන් පිදුම් ලැබීය.
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලක මහත්මිය එතුමාගේ
බිරිඳයි.එතුමාගේ ආදරණීය පවුලට දරුවන් දෙදෙනෙකි.ලොකු පොඩි අප කාගේත් මතකයෙන්
බැහැර නොවන ''චරිත තුනක්'' නව කතාව එතුමාගේ අනගි නිර්මාණයකි.රචනයට පමණක්
සීමා නොවී ග්‍රන්ථ ප්‍රකාශනයේද නියැලුණු එතුමා වාණිජ රැල්ලට හසු නොවී හොඳ
නිර්මාණ දායාද කිරීමට වෙහෙස විය.
කේ.ජයතිලක සාහිත්‍ය කරුවාණෙනි ඔබට නිවන් සුව!
කේ.ජයතිලක සාහිත්‍ය කරුවාණෙනි ඔබට නිවන් සුව!
දේහය පිලිබඳ අවසන් කටයුතු මේ මස 18 ඉරු දින එතුමා උපන් කන්නිමහරදී
සිදුකිරීමට නියමිතයි.එදින සවස 2.00 දක්වා මහජන ගෞරව සඳහා දේහය තැන්පත් කර
තිබේ.
කේ .ජයතිලක මහතාගේ නිර්මාණ
නවකතා
කෙටිකතා
කේ .ජයතිලක මහතාගේ නිර්මාණ
නවකතා
- පුංචි රාලගේ මරණය
- පුංචි රාල
- රාජපක්ෂ වලව්ව
- පිතාමහ චරිත තුනක්
- පියා සහ පුත්තු
- වර්ණය ඡන්දය හා මනාපය
- අප්‍රසන්න කතාවක්
- මායා මාලිගා
- අර්ධ නව කතාවක්
- මහල්ලෙකුගේ ප්‍රේම කතාවක්
- දෙලොවට නැති අය
- කාලෝ අයන්තේ
- පරාජිතයෝ
- මතු සම්බන්ධයි
- අධිෂ්ඨාන
කෙටිකතා
- නොනිමි සිත්තම
- අතීරණය
- වජිර පබ්බත
- පුනුරුප්පත්තිය
- එකගෙයි අවුරුද්ද
- දියණිය ආපසු යයි
- කටු සහ මල්
- අතාත්වික කෙටි කතා හතක්
No comments:
Post a Comment