Ghost Story in Sri Lanka( Hotel,Land,road and Ancient places
අප ඔබට ශ්‍රී ලංකාවේ සිදුවුණු අද්බූත ජනක සිදුවීම් කිහිපයක් ගෙන එන්න සුදානම් .මේ සිදුවීමට සම්බන්ධ එක අයෙක් සුජිත් ලෙසත් අනෙත් පුද්ගලයා අසංක ලෙසත් හදුන්නන්නෙමු ..(මේ නම් මනකල්පිත නම්ය. ) 2008 මැයි මාසයේ එක්තරා දවසක මොවුන් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට නිෂ්පාදන ප්‍රවර්දන කටයුත්තක් සඳහා බණ්ඩාරවෙල යාමට සුදානම් වුයේ සවස 5.00 ට පමණය .
තම තමන්ට අයත් ප්‍රවර්ධන රථ වෙත මොවුන් ගොඩ වුයේ හැකි ඉක්මනින් තම නවතන් පොළ වෙත යාමේ අටියෙනි.

එක රථයක් අලුත් පන්නයේලොරි රථයකි . අනෙක 43- ---- නම් අංකයක් දරණ පැරණි ලොරි රථයකි.මොවුන් දෙපිරිසම සිනාමුසු මුහුණින් විහිලු තහළු කරමින් ඉදිරියට ගමන් කලෝය .රැ කෑමට රථ දෙකම නතර කරේ බලන්ගොඩ NIGHT කඩයක් ළඟය. ඉන් අනතුරුව මොවුන් නෙවතත් ගමන ආරම්භ කලෝය . මොවුන් බණ්ඩාරවෙලට ලඟාවනවිට මධ්‍යම රාත්‍රී 12 හා පසුවී සුළු මොහොතක් ගතවුනා පමණි. බදුල්ල බණ්ඩාරවෙල පාරේ යම් කිසි අවහිරයක් නිසා මොවුන් වැලිමඩට පැමිණ බණ්ඩාරවෙලට ගමන් කලෝය . වැලිමඩ බණ්ඩාරවෙල පාරේ සුළු දුරක් ගමන් කරනවිට එකවරම ඉදිරියෙන් ගමන් කල රථය නතර විය.ලොරි රථ දෙකම වේගයෙන්ගමන් කල නිසා පිටුපස ලොරියේ රියදුරු පරුස වචන කියා බැන වැදුනේය. නමුත් එම රථයත් දෙපසට වැනෙන්නට වුයෙන් සියලෝම බියෙන් ත්‍රස්ත විය. ලොරි රථ දෙකෙහිම විදුලි පහන් රියදුරුගේ පාලනයෙන් තොරව නිවෙන්න දැල්වෙන්න පටන් ගත්තේය . ඉදිරියෙන් තිබුණු ලොරිය පහතින් තිබුණු ප්‍රපාතයට යමෙක් අදින ස්වරුපයක් පෙනුන නිසා සියල්ලෝම බැස එය ආරක්ෂා කර ගැනීමට වෙර දැරුහ.කරකිය ගැනීමට කිසිවක් නොහැකි තැන සුජිත් අසල නිවසක් තිබෙදි බැලීමට අසංක සමග මාර්ගයේ ඉදිරියට ගමන් කළේය. ඇතින් තිබුණු ඉපැරණි නිවසක ඉදිරිපිට යමෙක් සිටිනු දැක ඔවුන් එම ස්ථානයට යන්නට සුදානම් වුවත් ඒ පුද්ගලයා අතුරු දහන් වූ නිසා මොවූන් දෙදෙනා තව තවත් බියට පත්විය. ඔවුන් හඬ නඟා කෑ ගසන්නට විය.. අසල නිවසක පුද්ගලයෙක් මේ හඬ ඇසි දුවගෙන විත් ඔවූන්ගෙන් කරුණු විමසුවිට
"හා යමු එහෙනම් එතනට "
කියා ඔහු මේ දෙදෙනා සමග ලොරි රථ තිබෙන තැනට ගියෝය.
ඔහු මන්ත්‍ර වැනි යමක් මුමුණ
"උඹ මුන්ට මොකට කරදර කරනවද.. උන්ට යන්ට දීපන් " යනුවෙන් කිවේය.
එවිට පුද්ගලයාට සියල්ලෝම ස්තුති කළේය.

"මහත්තයල මස් වර්ග මොනවහරි කැවද?
ආයේ එනකොට මස්කාල එන්න එපා . ඔතන ඉන්නවා අර ඉස්සරහ පාලු ගෙදර හිටපු තරුණ ගැණු ළමයෙක් මීට කාලෙට ඉස්සර බීසන කාලේ අතවර කරලා මෙතනදී මරල දාලා. අදත් ඒ ළමයාගේ අවතාරේ ඔතන ඉන්නවා. ගමේ උදවියට කරදරයක් නැ එත් මස් කාල එන අයට කරදර කරනවා. මහතයලට තුනුරුවන්ගේ සරණයි මම යන්නම් ".
එසේ කියූ ඔහු යන්න ගියේය. සියලු දෙන බණ්ඩාරවෙල තමන්ගේ නවාතැන( HOTEL ) පිටත් විය. පසුව මේ පිළිබඳව හෝටලයේ කළමණාකරුගෙන් විමසු විට ඔහුත් බියපත් වී කියූ දෙය අදහ ගැනීමට නොහැකි විය.
"ඒ ආවේත් මනුස්සයෙක් නෙවෙයි සර් ඒ මේ පළාතේ කාලෙකට ඉස්සර හිටපු මුලදැනි කෙනෙක් මියගිහින් එයා තාමත් ගම රකිනවලු."
"සර්ල බේරුනා තරමක් ... "

තවමත් මේ සිද්දි එම ස්ථානයේ දකින්නට ලැබෙන්නේද යන්න අප සොයා බලමු..
ඔබ දන්නා මෙවන් දෑ අපට කියන්න .
------------------------------------------------------
හොල්මන් අවතාර ගැන එක එක පුද්ගලයන් අතර තිබෙන විශ්වාසය විවිධාකාරයි. කෙසේ වෙතත් පොදුවේ හොල්මන් නොපිළිගන්නා ඇතැමුන් තනිව මධ්‍යම රාතියේදී සොහොනක් අසලින් ගමන් කිරීමට පවා දක්වන්නේ පුදුමාකාර බියක්.ඒ තරමටම හොල්මන් අවතාර පමණක් නොවේ භූතයන් යක්ෂයින් පිළිබඳවද අප කාතුලත් පවතින්නේ සැකයක් මුසු බියක්.මේ හොල්මන් අවතාර ගැන ඉදිරිපත් කෙරෙනේ තවත් සත්‍ය කතාවක්.මෙය නොපිළිගන්නේ නම් එය ඔබේ අයිතියයි,එහෙත් විවේචනය කිරීමට ගොස් රාත්‍රියේදී සිහිනෙන් සිදුවන බියවීම් වලට ශ්‍රීලන්තය වග කියනු නොලැබේ.

මේ සිදුවීම සිදිවුයේ මීට වසර 4කට පමණ ඉහතදී,සීතල දුරුතු මහේ තයිපොන්ගල් දිනට පෙර දිනයේ නුවරඑලිය මල්ලිඅප්පු වතුයායෙදීයි.පසුදිනයේ තිබෙන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් රාමන් ලහි ලහියේ ලක ලැහැස්ති වුණා.ක්‍රිෂ්ණා ලේච්චිමිලගේ ගෙදරට ගොඩවුනේ මාවලක්කු හදන්න පිටි කොටන් එන්නයි.
පිටි ටිකත් කොටාගෙන ක්‍රිෂ්ණා ගෙදර එන්න හැරෙනකොට රැ 7.30 ට විතර ඇති.හාල් මල්ලත් අතේ තියාගෙනම මීපනාඔයෙන් ගොඩ වුනා විතරයි ගොම්මන් කළුවර අතරින් සුදු වේට්ටියක් ඇඳ ගෙන තලප්පාවක් ඔලුවේ බැඳගත්ත,කොට මනුස්සයෙක් ඉස්සරහට අවා.ක්‍රිෂ්ණා ඇතට ඇහෙන්න ''කඩමන්දියට යන ගමන්ද'' කියල ඒ කෙනාගෙන් ඇහැව්වේ ඒ කවුද කියල කටහඬින් අඳුර ගන්න හිතාගෙන.එත් ඒ කෙනා කිසිම උත්තරයක් නොදී ටිකෙන් ටික ඉස්සරහට ආව.ක්‍රිෂ්නත් ටිකක් නතර වෙලා ඇස් දෙකත් පිය නොගහ මේ අරුම පුදුම අමුත්තා දිහා බලාන හිටිය.වතුයායේ දන්නා කියන කෙනෙකුත් වගේ නැති නිසා ක්‍රිෂ්ණා හිතුවේ හොරෙක්වත්ද කියල.එතකොටයි ක්‍රිෂ්ණා දැක්කේ මේ මිනිහ ටිකෙන් ටික උස යනවා කියල.ක්‍රිෂ්ණා පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවත් පොඩි සද්දයක්වත් කටින් පිට වුනේ නැහැ.නළලට ආව හීන්දාඩිය පිහිදාන අතරේ ක්‍රිෂ්ණා අඩි දෙක තුනක් පස්සට වුනා.මෙන්න ඒ මිනිහ තවත් උස යනවා.දැන් ඒ කෙනා එතන තිබ්බ කිතුල් ගහටත් වැඩිය උසයි.කරන්න කිසිම දෙයක් නැති තැන ක්‍රිෂ්ණා දෙවියන් සිහිකරගෙන ඇස් දෙක පියාගත්තා.ටික වෙලාවක් ගත වුනත් කිසිම හාවක් හුවක් නැති නිසා ක්‍රිෂ්ණා යාන්තමට ඇස් ඇරියා.මෙන්න එතකොටම පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහෙන්න ගත්ත.එත් ඉස්සරහින් හිටිය මිනිහ පෙන්න නෑ.ක්‍රිෂ්ණා හාල් පිටි ටිකත් ඇත ඇරලා දුවන්න ගත්ත.මෙන්න එතකොටම ක්‍රිෂ්ණට ඇහෙනවා ''එයි යෝදියේ කොහෙද දුවන්නේ,ඉඳපන් මාත් එනකම් ''කියල කෑගහන රාමන්ගේ කටහඬ.එතකොටයි ක්‍රිෂ්ණට දැනුනේ එයා තාමත් ජීවත් වෙනවා කියල.රාමනුත් ඉක්මනට අඩි තියල ක්‍රිෂ්ණා ලඟට ඇවිත් අත අල්ල ගනිද්දියි දැනුනේ ක්‍රිෂ්ණට සහලෝල උණ කියල.මොනවත් අහන්න කලින් ක්‍රිෂ්ණව ගෙදර එක්ක යන්න රාමන් හිතුව.
පස්සේ හැමදේම දැනගත්ත රාමන් විගහට කෝවිලට ගියේ තව පිරිමි දෙතුන් දෙනෙක්වත් අඬ ගහගෙන.ඒ වගේම ක්‍රිෂ්ණගේ තනියටත් සැහෙන්න කට්ටිය ගෙදරට ආව.කෝවිලේ පුජක තුමා ඇවිත් විවිදී(නළලේ තවරන සුදු පාට කුඩක්)ගාල ස්තෝත්‍ර කියල ඉවර වෙද්දී ක්‍රිෂ්ණට සනීපයි.හැමදේම ඉවර වෙලා පුජක තුමා ක්‍රිෂ්ණට කිව්වා මින් පස්සේ ඔය වගේ දෙකට හාල් පිටි හදද්දී එයාට බාරයක් වෙන්න කියල.එයා කවුද කියන එක එතන හිටිය හැමෝටම ප්‍රශ්නයක් වුනා.ආ එයාද ඒ තමයි රෝදමුනි ගේ අවතාරේ.කරදරයක් නම් කරන්න නෑ.එත් මතක් කරන්නයි ඇවිත් තියෙන්නේ,හෙට අපි එයාටත් පූජාවක් තියමු....පුජක තුමා කිව්වේ හිනා වෙවී...
---------------------------------------------------------------------
හොල්මන් අවතාර ගැන බොහෝ දේ අප ඔබට කියා දෙන්න සුදානම් . මේ දෙවියන් ගැන කතාවක් මේ තවත් සත්‍ය සිද්දියක් .. මේ පොළොන්නරුවේ ඇල්ලේවැව ප්‍රදේශයේ වුන දෙයක්.
බක්මහට කලින් අස්වැන්න ගෙට ගන්න පෙ පළාතේ ගොවියන් සැහෙන්න මහන්සි වෙනවා . උදේ කුඹුරට ගිහින් ගොයම් කපලා බැත ගොඩ ගහලා වී ගොනිවලට පුරවල වැඩ ඉවරකරාල වී මලු ට්‍රැක්ටරේට දාලා ගෙදර ට එන පාරේ ට්‍රැක්ටරෙන්ම ආවා.. වී ගෝනි නිසා රාලට ඉඳගන්න
වූනේ වී මිටියක් වූඞ. වටපිට පෙනෙන්නෙත් නැති ගානට කරුවලයි .. (ගොම්මන් කරුවල) .. ඔය එන අතරෙදි ඈතින් එන වල අලියෙක්ව දැක්කා ට්‍රැක්ටරේ උඩින්.. රියදුරු ගුණපාලට කෑගහල කිවුව " ගුණේ ඔන්න අලියෙක් ඉස්සහට එනවා ..ඕක නවත්තාපන්" කියල.. ගුණපාලත් ට්‍රැක්ටරේ නවත්තගෙන මොන මොනවදෝ කිවුව . එත් අලියා ඉස්සරහටම ඇවිත් හොඩවල උස්සලා ට්‍රැක්ටරේ උඬ හිටපු රාලව හොඬවලෙන් බිමට අරන්.. රාල දිහා බලාගෙන හිටියා..
රාල බයෙන් බයෙන් මෙහෙම කිවුවා" අනේ දෙයියෝ මට කමා කරන්ට පංගුව බැතෙන් වෙන්කරන්ට බැරිවුනේ හිතාමත නෙවෙයි .. අමතකවෙලා ..මේකෙන් කොටහගත්තනම් " කියල . එතකොටම අලියා වී ට්‍රක්ටරෙන් වී ගෝනියක් අරන් යන්න ගියාලු. දෙවියන්ගේ කොටස වෙවෙන්කරන්නට බැරි වුන නිසා දෙවියන් ඇවිත් තමන්ගේ කොටස අරගෙන ගිය බවයි තතු දන්නෝ කියන්නේ. මේ පළාතේ අදත් කුම්ඹුරේදීම දෙවියන්ගේ කොටස වෙන්කරනවා .
------------------------------------------------------
හොල්මන් අවතාර ගැන එක එක පුද්ගලයන් අතර තිබෙන විශ්වාසය විවිධාකාරයි. කෙසේ වෙතත් පොදුවේ හොල්මන් නොපිළිගන්නා ඇතැමුන් තනිව මධ්‍යම රාතියේදී සොහොනක් අසලින් ගමන් කිරීමට පවා දක්වන්නේ පුදුමාකාර බියක්.ඒ තරමටම හොල්මන් අවතාර පමණක් නොවේ භූතයන් යක්ෂයින් පිළිබඳවද අප කාතුලත් පවතින්නේ සැකයක් මුසු බියක්.මේ හොල්මන් අවතාර ගැන ඉදිරිපත් කෙරෙනේ තවත් සත්‍ය කතාවක්.මෙය නොපිළිගන්නේ නම් එය ඔබේ අයිතියයි,එහෙත් විවේචනය කිරීමට ගොස් රාත්‍රියේදී සිහිනෙන් සිදුවන බියවීම් වලට ශ්‍රීලන්තය වග කියනු නොලැබේ.

මේ සිදුවීම සිදිවුයේ මීට වසර 4කට පමණ ඉහතදී,සීතල දුරුතු මහේ තයිපොන්ගල් දිනට පෙර දිනයේ නුවරඑලිය මල්ලිඅප්පු වතුයායෙදීයි.පසුදිනයේ තිබෙන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් රාමන් ලහි ලහියේ ලක ලැහැස්ති වුණා.ක්‍රිෂ්ණා ලේච්චිමිලගේ ගෙදරට ගොඩවුනේ මාවලක්කු හදන්න පිටි කොටන් එන්නයි.

පස්සේ හැමදේම දැනගත්ත රාමන් විගහට කෝවිලට ගියේ තව පිරිමි දෙතුන් දෙනෙක්වත් අඬ ගහගෙන.ඒ වගේම ක්‍රිෂ්ණගේ තනියටත් සැහෙන්න කට්ටිය ගෙදරට ආව.කෝවිලේ පුජක තුමා ඇවිත් විවිදී(නළලේ තවරන සුදු පාට කුඩක්)ගාල ස්තෝත්‍ර කියල ඉවර වෙද්දී ක්‍රිෂ්ණට සනීපයි.හැමදේම ඉවර වෙලා පුජක තුමා ක්‍රිෂ්ණට කිව්වා මින් පස්සේ ඔය වගේ දෙකට හාල් පිටි හදද්දී එයාට බාරයක් වෙන්න කියල.එයා කවුද කියන එක එතන හිටිය හැමෝටම ප්‍රශ්නයක් වුනා.ආ එයාද ඒ තමයි රෝදමුනි ගේ අවතාරේ.කරදරයක් නම් කරන්න නෑ.එත් මතක් කරන්නයි ඇවිත් තියෙන්නේ,හෙට අපි එයාටත් පූජාවක් තියමු....පුජක තුමා කිව්වේ හිනා වෙවී...
---------------------------------------------------------------------
හොල්මන් අවතාර ගැන බොහෝ දේ අප ඔබට කියා දෙන්න සුදානම් . මේ දෙවියන් ගැන කතාවක් මේ තවත් සත්‍ය සිද්දියක් .. මේ පොළොන්නරුවේ ඇල්ලේවැව ප්‍රදේශයේ වුන දෙයක්.

වූනේ වී මිටියක් වූඞ. වටපිට පෙනෙන්නෙත් නැති ගානට කරුවලයි .. (ගොම්මන් කරුවල) .. ඔය එන අතරෙදි ඈතින් එන වල අලියෙක්ව දැක්කා ට්‍රැක්ටරේ උඩින්.. රියදුරු ගුණපාලට කෑගහල කිවුව " ගුණේ ඔන්න අලියෙක් ඉස්සහට එනවා ..ඕක නවත්තාපන්" කියල.. ගුණපාලත් ට්‍රැක්ටරේ නවත්තගෙන මොන මොනවදෝ කිවුව . එත් අලියා ඉස්සරහටම ඇවිත් හොඩවල උස්සලා ට්‍රැක්ටරේ උඬ හිටපු රාලව හොඬවලෙන් බිමට අරන්.. රාල දිහා බලාගෙන හිටියා..
රාල බයෙන් බයෙන් මෙහෙම කිවුවා" අනේ දෙයියෝ මට කමා කරන්ට පංගුව බැතෙන් වෙන්කරන්ට බැරිවුනේ හිතාමත නෙවෙයි .. අමතකවෙලා ..මේකෙන් කොටහගත්තනම් " කියල . එතකොටම අලියා වී ට්‍රක්ටරෙන් වී ගෝනියක් අරන් යන්න ගියාලු. දෙවියන්ගේ කොටස වෙවෙන්කරන්නට බැරි වුන නිසා දෙවියන් ඇවිත් තමන්ගේ කොටස අරගෙන ගිය බවයි තතු දන්නෝ කියන්නේ. මේ පළාතේ අදත් කුම්ඹුරේදීම දෙවියන්ගේ කොටස වෙන්කරනවා .
No comments:
Post a Comment