කලා කෙත අස්වැද්දු ඔබට සුභ උපන්දිනයක් !

(සැප්තැම්බර් 5 දිනට යෙදෙන සදාදර ඔබේ උපන්දිනය වෙනුවෙනි.)


ඇය                                                                                                            
යමුනා මාලිනි පෙරේරා  
                                                                              

අහස පොලොව වටපිටාව හරිම හිස්තැනක් ගීතයෙන් කිවින්දියක්ව සිටි ඇය ගී පද රචිකාවියක් විය.
ආදරය,විරහව,සහ මිනිස් සිතිවිලි ඇයටම අවේනික කෝණයකින් බලා ඇයගෙන් ලියවුනු ගීත
අදටත් අප හදවතේ කම්පනයන් මතු කරයි.

"ප්‍රේමය ලොව හැම තැනම ඇති  හැම දෙනාටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කීමයි කියා හඳුනා ගත කිසි කෙනෙකු නැති ''

''ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති''

''බැබලීම වගේම බැසයාම අයිති සඳටයි''

මේ ඇයගේ ප්‍රතිභාව වර්ණනා කල හැකි උදාහරණ කිහිපයක් පමණි.

සදාදර යමුනා අක්කේ ,සුවහසක් රසික පිරිස සමග ශ්‍රී ලන්තය අපි
ඔබට නිදුක් නිරෝගී සුවය සමග
සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු


 ඔහු

රූකාන්ත ගුණතිලක


බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක්දෝ
මේ ඔහු විසින්ම රචනා කල ,ඔහුව ගායකයෙකු කල ගීතයයි.
1976 සිට ගී පද රචකයකු ලෙස කටයතු කල ඔහු බඹර පහස ගීතයට ගායකයෙකු සොයා හමු නොවුණු තැන තමන්ම එය ගායනා කිරීමට සිතුවේය.එය අපේ ගීත කලාවට මෙතරම් ආලෝකයක් වේ යැයි එදා ඔහු වත් නොසිතන්නට ඇත.අපේ ගායන ලොවේ පොප් රජු ලෙස රූකාන්ත හඳුන්වන්නේ එබැවිනි.
අපේ රටේ පමණක් නොව ලෝකය පුරාම ඔහුගේ හැකියාව ප්‍රදර්ශනය විය.radio express සමගමේ
ලෝක ගීත දර්ශකය නියෝජනය කල ඔහුගේ ''දිගන්තයේ'' ගීය ඊට මනා උදාහරණයකි.





ගී පද රචකයෙක් ,සංගීත අධ්‍යක්ෂක රයෙක්  සේම  ගායන ශිල්පියෙක්  ලෙස අපේ සංගීත ලෝකය හැඩ කරන  ඔබට srilanthaya අපි  ඔබේ  රසිකයන්  සමග එක්ව වාසනාවන්ත සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු.


No comments:

Post a Comment