www.sathutuuyana.lk

ඔබේ දරුවන් වෙනුවෙන් පිවිසෙන්න www.sathutuuyana.lk  වෙත.
දරුවන්ටම වෙන් වූ ළමා වෙබ් අඩවිය 

OBA LANGA NATHI ME SASARE

රූකාන්ත ගුණතිලක ගයන මේ ගීතය මීට පෙර ගයනා කලේ ගායන ශිල්පී ග්‍රේෂන් ජයමහ .පද රචනය සහ  සංගීතය රූකාන්ත ගුණතිලක .පසුගිය දිනෙක රූකාන්ත මේ ගීතය තමන්ගේ හඬින් නෙවත ගායන කලා.ගීතය ගායන කලා පමණක් නොව ගීතයට අලුතෙන් ආදර වදනක්ද එක්කලා. අද srilanthaya.com වෙතින් අපි එය රසවිඳිමු .

k.jayathilake

තවත් පහන් සිලක් නිවී ගියා.........
අපේ සාහිත්‍යට අමිල මෙහෙවරක් කල කේ.ජයතිලක මහතා පසුගිය 14 වෙනිදා අප අතරින් වෙන් විය.ඒ කොළඹ පුද්ගලික රෝහලකදීය.1926 ජුනි මස 27 වෙනි දින ගම්පහ කන්නිමහරදී උපත ලද එතුමා මිය යන විට  85 වන වියේ පසු විය.රදාවාන පිරිමි පාඨශාලාවෙන් මුලික අධ්‍යාපනය ලද ඒ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය  හැදෑරීය.නවකතා,කෙටිකතා මෙන්ම කාව්‍ය තුලින්ද අපේ සාහිත්‍ය කෙත පෝෂණය කල එතුමා ''පුනුරුප්පත්තිය'' කෙටි කතා ග්‍රන්ථයෙන් රචනයට පිවිසි බව කියවේ.සම්මාන ගැන තැකීමක් නොකලද රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතකින් මෙන්ම සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානයෙන්ද එතුමන් පිදුම් ලැබීය.
 
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා සුමනා ජයතිලක මහත්මිය එතුමාගේ  බිරිඳයි.එතුමාගේ ආදරණීය පවුලට දරුවන් දෙදෙනෙකි.ලොකු පොඩි අප කාගේත් මතකයෙන් බැහැර නොවන ''චරිත තුනක්'' නව කතාව එතුමාගේ අනගි නිර්මාණයකි.රචනයට පමණක් සීමා නොවී ග්‍රන්ථ ප්‍රකාශනයේද නියැලුණු එතුමා වාණිජ රැල්ලට  හසු නොවී හොඳ  නිර්මාණ දායාද කිරීමට වෙහෙස විය.





කේ.ජයතිලක සාහිත්‍ය කරුවාණෙනි ඔබට නිවන් සුව!
දේහය පිලිබඳ අවසන් කටයුතු මේ මස 18 ඉරු දින එතුමා උපන් කන්නිමහරදී සිදුකිරීමට නියමිතයි.එදින සවස 2.00 දක්වා මහජන ගෞරව සඳහා දේහය තැන්පත් කර තිබේ.

කේ .ජයතිලක මහතාගේ නිර්මාණ
නවකතා                                                                    

  • පුංචි රාලගේ මරණය
  • පුංචි රාල
  • රාජපක්ෂ වලව්ව
  • පිතාමහ චරිත තුනක්
  • පියා සහ පුත්තු
  • වර්ණය ඡන්දය හා මනාපය
  • අප්‍රසන්න කතාවක්
  • මායා මාලිගා
  • අර්ධ නව කතාවක්
  • මහල්ලෙකුගේ ප්‍රේම කතාවක්
  • දෙලොවට නැති අය
  • කාලෝ අයන්තේ
  • පරාජිතයෝ
  • මතු සම්බන්ධයි
  • අධිෂ්ඨාන

කෙටිකතා
  • නොනිමි සිත්තම
  • අතීරණය
  • වජිර පබ්බත
  • පුනුරුප්පත්තිය
  • එකගෙයි අවුරුද්ද
  • දියණිය ආපසු යයි
  • කටු සහ මල්
  • අතාත්වික කෙටි කතා හතක්
ජාති භේද ඕන නෑ ආගමින් වැඩක් නෑ


 කවුද කියන්නේ ඔයයි මායි
තරහයි කියල
බලන්න මගේ සීබ්‍රාවියේ මං ඔයාට කොයි තරම් ආදරේද කියල
උම්මා !!!!!!!!!!!!!!!!

 කොච්චර අමාරුවෙන්ද ගෙවල් වලට හොරෙන්
අපි මේ විදියට මුණ ගැහන්නේ.....
ඔව්  ''දිවි ''රත්තරන් ඔයා නෙවෙයි නපුරු
මේ ලෝකය


  

ඔහොම පොඩ්ඩක් හිටපන්කෝ පූස් පැටියෝ
මං ඔයාට ආදරෙයි



අම්මෝ කන යට තියෙන සනීපෙ...
එත් මෙයාට ඇහැරුනොත්?
 
                                                                                  


 ''මගේ සුදු මගේ වස්තුව''
කොයි තරම් ආදරේ කලත්
ඇහි පිල්ලමක් ගහද්දි ඔයා ඉගිලිලා යන්නේ නෑ නේද?









කලා කෙත අස්වැද්දු ඔබට සුභ උපන්දිනයක් !

(සැප්තැම්බර් 5 දිනට යෙදෙන සදාදර ඔබේ උපන්දිනය වෙනුවෙනි.)


ඇය                                                                                                            
යමුනා මාලිනි පෙරේරා  
                                                                              

අහස පොලොව වටපිටාව හරිම හිස්තැනක් ගීතයෙන් කිවින්දියක්ව සිටි ඇය ගී පද රචිකාවියක් විය.
ආදරය,විරහව,සහ මිනිස් සිතිවිලි ඇයටම අවේනික කෝණයකින් බලා ඇයගෙන් ලියවුනු ගීත
අදටත් අප හදවතේ කම්පනයන් මතු කරයි.

"ප්‍රේමය ලොව හැම තැනම ඇති  හැම දෙනාටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කීමයි කියා හඳුනා ගත කිසි කෙනෙකු නැති ''

''ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති''

''බැබලීම වගේම බැසයාම අයිති සඳටයි''

මේ ඇයගේ ප්‍රතිභාව වර්ණනා කල හැකි උදාහරණ කිහිපයක් පමණි.

සදාදර යමුනා අක්කේ ,සුවහසක් රසික පිරිස සමග ශ්‍රී ලන්තය අපි
ඔබට නිදුක් නිරෝගී සුවය සමග
සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු


 ඔහු

රූකාන්ත ගුණතිලක


බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක්දෝ
මේ ඔහු විසින්ම රචනා කල ,ඔහුව ගායකයෙකු කල ගීතයයි.
1976 සිට ගී පද රචකයකු ලෙස කටයතු කල ඔහු බඹර පහස ගීතයට ගායකයෙකු සොයා හමු නොවුණු තැන තමන්ම එය ගායනා කිරීමට සිතුවේය.එය අපේ ගීත කලාවට මෙතරම් ආලෝකයක් වේ යැයි එදා ඔහු වත් නොසිතන්නට ඇත.අපේ ගායන ලොවේ පොප් රජු ලෙස රූකාන්ත හඳුන්වන්නේ එබැවිනි.
අපේ රටේ පමණක් නොව ලෝකය පුරාම ඔහුගේ හැකියාව ප්‍රදර්ශනය විය.radio express සමගමේ
ලෝක ගීත දර්ශකය නියෝජනය කල ඔහුගේ ''දිගන්තයේ'' ගීය ඊට මනා උදාහරණයකි.





ගී පද රචකයෙක් ,සංගීත අධ්‍යක්ෂක රයෙක්  සේම  ගායන ශිල්පියෙක්  ලෙස අපේ සංගීත ලෝකය හැඩ කරන  ඔබට srilanthaya අපි  ඔබේ  රසිකයන්  සමග එක්ව වාසනාවන්ත සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු.


දෑසේ වේලෙමින් මා
ආදරය ගැන කියවෙන සිංදු ඕන තරම්.ඒත් ආදරය කරන හිත්වලට ඒ සුන්දර හැඟීම විඳගන්න ගීත කොයිතරම් තිබුනත් මදි . ඒ නිසාමයි  ආදරය ගැන අලුත් ගීත  එනතුරු පෙම්වතුන් මඟ බලාගෙන ඉන්නේ. සජාඩ් හසන් කියන්නෙත් ආදරවන්තයින්ට ආදරණිය  ගීත තිළිණ කරන නව පරපුරේ ගායකයෙක්. බලන්න  මේ අලුත් ගීතය ඔබේම කරගෙන , විඳින්න කොයිතරම් අපුරුවට පුලුවන්ද කියලා.